හැගෙයි නිතර නිතරම තනි උන මෙමට .
හැරදා ගියත් නිතරම ඔබේ සුවද මට .
දැනෙයි මෙමා හද පතුලෙන් හඩන විට .
උණුසුම දැනේ ඔබේ නාදළු දෙතොල් වල .
සවනෙහි වැටෙයි ඔබේ තෙපුල් නොමැති නල .
ජිවත් වෙන්න ආසයි ඔබේ දැස තුල .
සිහිනෙන් එන්න මගේ පුංචි රෝස මල .
පෝසත් කෙල්ලෙකුට ආදරේ කල පවට .
උනේ මෙමට හිගන්නා යයි අසන්නන්ට .
නැන්දගේ වචන වැදුනා මගේ හදවතට .
වෛර කරමි හැමදා පෝසත් කමට .
සල්ලි වලින් කළහැකි දේ බොහොමයකි .
මනුස්සකම ඊට වැඩ අරුමයකි .
සල්ලි වලට මනුස්සකම ගත නොහැකි .
මනුස්සකම දත් මිනිහා ලොව රජෙකි .
No comments:
Post a Comment