මම මුලින්ම කෙල්ලෙක්ට ආදරේ කලේ 5 වසරෙදි.ඒ කාලෙ මන් කාපු බීපුවා විෂ වෙලාද මන්දා මට හොදට ඉගෙන ගන්න පුලුවන්.පන්ති නායක පට්ටමත් එක වාරයක් ගහන් හිටියා.දහම් පාසලේ උදේ රැස්වීමෙදි දහම් දැනුම ප්‍රශ්න අහන එකට මම පැනලම යනවා.විභාගයක් ලිවුවොත් සමහර ගෑනු ළමයි ඇවිත් "මනෝජ් ඔයාට ලකුණු කීයද" කියලා අහනවා.ඒ දවස් වල මම මෙහෙම නෑ හරි සංවරයි, අහිංසකයි.ඉතින් ඔන්න ඒ කාලෙ කැලණි විද්‍යාලයෙ මගේ පන්තියෙම හිටපු ගෑණු ළමෙක් මගේ හිත ඉස්සුවා.
එයාට වැඩ පෙන්නන්න මම හැමදාම පන්තියෙ පළවෙනියා වෙන්න උත්සහ කලා.හැමදාම එයාට විශේෂ සැලකිලි. එයා පන්තිය අතුගානවනම් මම කොස්ස ඉල්ලනවා අතුගාන්න.එයා දෙන්නෙ නෑ.ඒත් මම ඉල්ලනවා.ප්‍රශ්නෙකට උත්තරේ ලිවුවත් මම එයාගෙන් අහනවා ඔයා මේකද ලිවුවෙ කියලා.මම එයාට ආදරෙයි කියලා පන්තියෙ කවුරුවත් දැනන් හිටියෙ නෑ. අඩුම තරමෙ ඒ කෙල්ලවත් ඒක දැනන් හිටියෙ නෑ. එයා අදටත් ඒක දන්නෙ නෑ.එයා හින්දා මම පන්තිය මැද්දෙ වීරයෙක් වෙන්න දගලපු අවස්තා එමට. ඉස්කෝලෙ උදේ රැස්වීමෙදි මම බලෙන් ගිහින් කතා පවත්වනවා.දත් වාට්ටුවට ගියාම පන්තියෙ කට්ටියට දත් මදින්න කියලා දෙන්නත් මම ඉදිරිපත් උනා.දත් තියෙන ආදර්ශකය අතට අරන් බුරුසුව අනිත් අතින් අරන් "මෙන්න මෙහෙමයි දත් මදින්නෙ, මෙන්න මෙහෙම රවුමට" කියලා මම කියද්දි දත් දොස්තර අහනවා "ළමයි ඔය පැත්තෙන්ද දත් මදින්නපටන් ගන්නෙ?" කියලා. අපේ පන්තියෙ උනුත් ඉතින් උම්බෑ කියනවා වගේ "නෑ ඩොක්ට" කිවුවනෙ.වීරයෙක් වෙන්න ගිහින් ඒ වගේ ඉල්ලන් කාපු චාන්ස් ගොඩකුත් තිබ්බා.ඒත් මම කවදාවත් උත්සහය අතෑරියෙ නෑ. හැමදාම විශේෂ දෙයක් කලා.දවස් ගානක් මම එයාට ලංවෙලා I love u කියන්න හැදුවා.ඒත් ඒ එක දවසකවත් මට ඒක කියාගන්න බැරි උනා.මගේ හිත මට කිවුවා එයා මට බෑ කියයි කියලා.අනික මම විතරක් නෙමෙයි එයාගෙ හිත ගන්න try කලේ.පන්තියෙ තවඋනුත් එයාටකැමතියි කියලා එක දවසක් මම දැනගත්තා.පන්තියෙ කබඩ් එකේ තිබ්බ පොතක I love you ......... කියලා එකෙක් ලියලා.එක පාරක්නම් කමක් නෑ. මූ අන්තිම පිටුව වැහෙන්නම දහ පාරක් විතර ලියලා.ඒ දවස් වල මමයි තව එකෙකුයි ශර්ලොක් හෝම්ස්ගෙ වැඩ බාරඅරන් පන්තියෙ හැම එකෙකුගෙම අත් අකුරු චෙක් කලා.ඒත් වැඩේ කල එකා අහු උනේ නෑ.
දවසින් දවස ශිෂ්ශත්වෙ ලියලා ප්‍රතිඵල එන දවසත් ආවා.මම ඉස්කෝලෙන් දෙවෙනියට පාස් වෙලා.අපේ ඉස්කෝලෙන් 14ක් හරි 9ක් හරි පාස්වෙලා.අරයත් ඒ අතරෙ හිටියා.එදා මම ගෙදර ගිහින් අම්මට කිවුවා "අම්මෙ මාව ....... යන ඉස්කෝලෙටම දාන්න" කියලා.අම්මාත් හිනාවෙලා හරි හරි කිවුවා.
ඒත් හයවසරෙදි එයා grlz scl එකකට ගියා.මම boyz scl එකකට ගියා.එදායින් පස්සෙ මම එයාව දැක්කෙ සක්යා ක්ලාස් යද්දි.ඒත් මම ඉස්සර වගේ වීරයෙක් වෙන්න ගියෙ නෑ.මම එයාව දකින හැමදාම එයාව මගෑරියා.කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.
මම අදටත් මගේ 5හේ ලව් එක ගැන මතක් කරලා තනියම හිනාවෙනවා.ආයිත් මට ඒ ජීවිතේ විදින්න පුංචිකාලෙට යන්න බෑ.ඒත් සුන්දර මතක වගේම දුක්බර මතක ගොඩක් හින්දා අදත් මම මගේ පුංචිකාලෙ රසවිදිනවා.
No comments:
Post a Comment