පෙර කොටස හා සම්බන්ධය.
........ නැවතත් මා අවදිවන විට ට්‍රොලියක සිටි අතර රෝහල් කොරිඩෝවක් දිගේ ගෙන යනවා මා හට සිහිනෙන් මෙන් මතකය. බීප් බීප් හඩ වරින් වර ඇසුන අතර කටට ඔක්සිජන් ලබාදී තිබූ බවද අඩවන් වූ දෑසින් දැකගත හැකිවිය. දෑස විවර කිරීමට උත්සහ කල නමුත් ඒ සදහාද ශක්තියක් තිබුනේ නැත. නැවතත් මා දෑස් පියවුනි.
......
සවස ලෙඩුන් බලන වේලාවේදී ගෙදරින් පැමිණ තිබූ නමුත් මා ඔවුන්ටද කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත. "ලොකු පුතේ, ලොකු පුතේ" යනුවෙන් මා අමතා මාව නැගිට්ටවීමට ඔවුන් දැඩි උත්සහයක් ගෙන තිබූ අතර පසුව එය නර්ස් කෙනෙක් දැක "පුතාට පාඩුවෙ ඉන්න දෙන්න අම්මෙ, එයා නැගිටිනකම්ම ඉන්න ඕනෙ. කියන විදියට එයාට ලොකු ෆිට් දෙකක් ඇවිත් තියෙන්නෙ. ඉතින් එයාට මේ වෙලාවෙ විවේකය අවශ්‍යයි. එයා දුර්වලයි. අපි සේලයින් දුන්නා. කෑම බීම දෙන්න ඕනෙ නෑ. අපිට එවද්දිත් එයාට දීපු සේලයින් එකට විටමින් add කරලා. අපිත් සේලයින් දුන්නා විටමින් එක්ක. අනික එයාට දීලා තියෙන බෙහෙත්වලට නිදිමතත් එනවා. ඉතින් අම්මෙ අම්මා බයවෙන්න එපා. පුතා ඉන්නෙ ඉස්පිරිතාලෙනෙ." කියා උපදෙසක් දී ඇත. පසුව ඒ උපදෙස් පිළිගත් අපේ පවුලේ අය මා බලා ගෙදර බලා පිටත් වී ඇත.
.......
වෙලාව රාත්‍රී 7ට පමණ වන්නට ඇත.මාහට මුලින්ම ඇසුනේ බීප් බීප් හඩයි. මා ටිකෙන් ටික දෑස් විවර කරන්නට විය. තවත් විනාඩි දහයක් පමණ උත්සහ කර දෑස සම්පූර්ණයෙන්ම විවරකර ගත්තේ සිදුවූයේ කුමක්ද යන්න වටහා ගැනීමට උත්සහ කරන අතරතුරය. අතේ මහපට ඇගිල්ලට මොකක්දෝ කෑල්ලක් ගසා තිබූ අතර අනිත් අතට ගැසූ සේලයින් කට්ටට තවමත් සේලයින් බෝතලයක් සවිකර ඇති බව දැක ගත හැකි විය.උකුසු ඇස් ඇති නර්ස් කෙනෙකුට මා අවදි වී ඇති බව පෙනීමට ඒ ටික ප්‍රමාණවත් විය. තවත් විනාඩි 5ක් ගතවීමට මත්තෙන් ඩොක්ටර් කෙනෙකු හා නර්ස් කෙනෙකු මා ඇද අසලය.
"මනෝජ් නේද?"
"ඔව් ඩොක්ටර්"
"කිරිබත්ගොඩින් ඔයාව මෙහෙට එවලා තිබ්බෙ ඔයාට ලොකු ෆිට් දෙකක් හැදුනා කියලා. ඔයාට කියන්න පුලුවන්ද කොහොමද ඒක හැදුනෙ කියලා?"
"ඩොක්ට මට පළවෙනි එක විතරයි මතක. දෙවෙනි එක මතක නෑ ඩොක්ට." කියා ඩොක්ටට පළමු ෆිට් එකේ විස්තරේ ඉක්මනින්ම කියා අවසන් කලේය. ඉන් පසුව ඩොක්ට විනාඩි 15ක් පමණ මාව චෙක් කර තවත් ප්‍රශ්ණ අසා යන්නට ගියේය.
........
නැවතත් මා නින්දට වැටුනි. අඩ නින්දේදී මා ඇහැරුනේ සාක්කුවේ තිබූ පොඩි ෆෝන් එක දෙදරුම් කන්නට වූ බැවිනි. 'ඇයි මල්ලි මේක ගෙදර ගෙනිච්චෙ නැත්තෙ' යනුවෙන් සිතමින් මා ෆෝන් එක නිදිමරගාතේ උස්සා කනේ තබා ගත්තෙමි.
"අඩෝ උඹ මොන ඇදේද ඉන්නෙ?"
"කවුද බන් මේ"
"සුදමයා යකෝ. තොට නම කියෝගන්නත් බැරිද?. මම ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නෙ."
"මේ මහ රෑ?. මම හිතන්නෙ නෑ උඹට එන්න දෙයි කියලා."
"උඹට ඒවා වැඩක් නෑනෙ. ඇද කියපන්කො. මල්ලිගෙන් මම වාට්ටුව අහගත්තා."
"14 වෙනි ඇදේ."
"හරි මම විනාඩි 5න් ඔතන." කියූ සුදමයා ෆෝන් එක කට් කරන ලදී.
තවත් ටික වෙලාවකින් සුදම් මා ඇද අසලය. මා හිටි හැටි දැක පුදුම වී උගෙ ඇහිබැමි උඩයනවා මා හට සිහිනෙන් මෙන් මතකය.
මා හා ටික වේලාවක් කතා කල ඌ "මම එහෙනම් ගිහින් එන්නම්. උඹට හොදවෙයි." යනුවෙන් පවසා එතනින් මාරුවිය.
ඉන් පසුව මා නිදා ගත්තේ 'හෙට දින කුමක් සිදුවේද' යන්න හිත තුල ප්‍රශ්න කරනා විටය.
..........
මතු සම්බන්ධයි.
No comments:
Post a Comment