එදා අගෝස්තු විසිතුන් වැනි ඉරුදිනය.
එදත් උදෑසනින්ම නැගිට තේක බී නැවතත් නින්දට නොගොස් මූණකට සෝදා දත් මැද නා ගැනීමට මා පෙළඹුනේ ඇයිදැයි මා අදටත් කල්පනා කරමින් සිටියි.
මන්ද යත් සෑම ඉරු දිනකම 8.30ට පන්ති පටන් ගන්නා අතර මා සෑමදාම ගෙදරින් රේස් අස්සයා පිට නැගී පන්තියට පිටත් වන්නේ 8.20ත් 8.40ත් අතරය. එදා උදෑසනින්ම වෙවුල වෙවුල නා ලෑස්ති වී 8ට පමණ ගෙදරින් පිටත් වූ මා 8.15ට පමණ පන්තියට පැමිණ වාඩි වූයේ පන්තියේ උන් ඇස් ලොකුකරගෙන මා දිහා බලනා අතරතුරය. සමහරවිට උන් හිතන්න ඇති අද මාව ගෙදරින් එලෙවුවා කියලා. 'නැත්නම් හැමදාම පන්ති පටන් ගත්තම පන්තියට එන එකා වේලාසනින් එන්න විදියක් නෑ.'
.......
වේලාසනින් ගොස් කරන්නට දෙයක් නොතිබූ හෙයින් අල්ලපු පුටුවේ සිටි අනුෂ්කයාව කතාවකට අල්ලා ගත් නමුත් ටික වේලාවකින් ඒකද එපාවිය. පසුව දැනගත් පරිදි ඒ වනවිට වෙලාව 8.25ට පමණ වන්නට ඇත.
එකවරම මාගේ ඇස් දෙකේ කලු බෝලය දකුණු කෙලවරට ගිය අතර මාගේ බෙල්ල සම්පූර්ණයෙන් දකුණට හැරිණි. ඔලුව පුරා කියාගැනීමට නොහැකි තරම් වේදනාවක් දැනුන අතර මුලු ඇගම සෙලවීමට හෝ කතා කිරීමට නොහැකි ලෙසින් ඇගම ගල් විය. මාගේ දකුණු පසින් මා සමග කතා කරමින් සිටි අනුෂ්ක එය හොදින් දුටු මුත් මා කරනා විහිලුත් සමග ඌ එයද විහිලුවක් ලෙසින් දැක "මනෝජ් විහිලු කරන්න එපා බන්" යනුවෙන් පවසනවා මා හට ඇසිනි. නැවතත් එයම ඌ කීවේ මා කිසිදු වෙනසක් සිදු නොකල හෙයින් විය හැක. ඒ සියල්ලටම තත්පර 8ක් 10ක් පමණ ගතවන්නට ඇත. මට මතක එපමණය.
.......
නැවතත් සිහි එළඹෙන විට මා සිටියේ රෝහලක ඇදක් මතය. ඇටෙන්ඩන්ට් අක්කා කෙනෙක් පැමිණ "මල්ලි සදරුගෙ යාලුවෙක් නේද. එයා පන්තියට ගියා. ඔයාට සිහිය ආවම කෝල් එකක් දෙන්න කිවුවා." කියා ඇගේ දුරකතනයෙන් ඇමතුමක් ගෙන මොන මොනාදෝ කතා කර මට "මල්ලි සදරු කතා කරනවා" කියලා මගෙ කනෙන් ෆෝන් එක තිබ්බා. සදරුවා එහා පැත්තෙන් මොන මොනාදෝ කීව නමුත් ඒ කිසිවක් මට නොතේරුන අතර මම හැම එකටම "ම්ම්ම්ම්ම්" ගගා සිටියේය.
පසුව අක්කා ෆෝන් එක ගෙන කතාකලේ මා සිටි තත්වය ඈ අවබෝධ කරගෙනය. ෆෝන් එක කට් කර මා ලගට විත් "මල්ලි නිදාගන්නකො තව ටිකක්. එතකොට ඔය ගතිය මගෑරෙයි" කියා සේලයින් අඩු වැඩි කරන එකේ මොනාදෝ කර යන්නට ගිය අතර මා අනිත් පසට හැරී නිදාගත්තේය.
......
දවල් අම්මලා ඇවිත් තිබූ අතර මා හට එය මතකයේ නොමැති අතර ඒ වෙලේ මා හට කිරි පැකට් එකක් පොවා ඇති අතර පසුව මා හට වමනෙ යාමට එන බව මා අසල සිටි මල්ලිට කියුවේ අතේ සේලයින් ගසා ඇති බැවිනි.අනතුරුව නර්ස් කෙනෙක් පැමිණ කටුව ගැලවූ අතර මා මල්ලීගේ වාරුවෙන් වමනෙ දැමීමට තැනක් සොයමින් යනවිට මල්ලී මාව වැසිකිලියට රැගෙන ගියේය. විනාඩියක් පමණ සිටි නමුත් වමනෙ එන පාටක් නැත. බලෙන් වමනෙ කරන්නට try කරන්නට සූදානම් වන විට "අයියෙ අයියගෙ යාලුවො වගයක් ඇවිත්" කියා මල්ලි මට කතා කලේය.
නැවතත් මල්ලිගෙ වාරුවෙන් රෝහල් කොරිඩෝව දිගේ යාලුවන් සිටි දෙසට ගියේ සිහිනෙන් මෙනි. ඉන්පසුව යාලුවන් සමග කතාකරනවා වෙනුවට ඔවුන්ගේ එක් නියෝජිතයෙකු සමග කතාකර මා නැවතත් ඇදට ගොස් ඇත.
.......
ඇදට ගිය මා මල්ලිගෙන් ඇහුවේ "මේ මොන ඉස්පිරිතාලෙද?" යනුවෙනි. "මේ කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙ" යන පිළිතුරෙන් සෑහීමට පත් වූ මා "එහෙනම් මගෙ ෆෝන් එකේ චාර්ජින් පොට් එක හදන් එනවා. මගෙ පර්ස් එකේ සල්ලි ඇති, සුදම්ට කෝල් එකක් දෙනවා. දීලා විස්තරේ කියනවා." කියා මල්ලිව පිටත් කර නින්දට වැටුනි. එලෙස නිදාගෙන පැය බාගයක් පමණ මා සිටින්නට ඇත.
එකවරම මා නින්දෙන් ඇහැරිනි. ඔලුව පුරා තද වේදනාවක් දැනෙන්නට පටන් ගන්නවාත් සමගම මගෙ බෙල්ලත් ඇස් දෙකත් දකුණට ගොස් මා දගලන්නට විය.
එලෙස තත්පර 10ක් ගතවනවා පමණක් මා හට මතකය.
........
මතු සම්බන්දයි.
No comments:
Post a Comment