Wednesday, December 27, 2017

හර්ෂ


මතක් උනා අද මට ඔයාව.... ඇයි දන්නෙ නෑ. 2014 ඉදන් අද වෙනකොට අවුරුදු තුනාමාරක් ගෙවිලා ගිහින්.
ලැප් එකේ ෆෝල්ඩර් අස්සෙ හංගලා තිබ්බ අපේ ආදරේ මම හෙවුවා. ෆෝල්ඩරෙන් ෆෝල්ඩරේට හමුවුන දවසෙ ඉදන් වෙන් උන දවස වෙනකම්ම තිබ්බ ෆොටෝ දහස් ගානම මම බැලුවා. මතකයන් අලුත් උනා. හොදවුන තුවාල ආයිත් පෑරෙන්න ගත්තා.

වැඩකරන්නෙ නෑ කියලා දැනගෙනත් ෆෝන් බුක් එකේ ඔයාගෙ නම්බර් ටික හොයාගෙන මම එකින් එක ඩයල් කලා. හිතුව විදියටම නම්බර් හතර පහම වැඩ කලේ නෑ. තව නම්බර් තුනක් ඉතුරු වෙලා තිබ්බා මට ඩයල් කරන්න. එකක් ඔයාගෙ අම්මගෙ. අනික තාත්තගෙ. අනික ඔයාලගෙ ගෙදර ෆෝන් එක. ඔයාට ගන්නවද නැද්ද කියලා පැයක් විතර කල්පනා කලා. මම කෝල් කලොත් ඔයාට මොන මොන ප්‍රශ්න එයිද මට හිතුනා. ඔයා බැදලාද දන්නෙ නෑ කියලා හිතුනා. ප්‍රශ්ණ දාහක් ඒ පැය ඇතුලත ඔලුවට ආවා. අන්තිමේදි මම ඔයාගෙ ගෙදර නම්බර් එක ඩයල් කලා. ඒ එයාලගෙ ගෙදර කවුරුවත් මම එයත් එක්ක යාලුවෙලා හිටියා කියලා දන්නෙ නැති නිසා. හැමෝම මාව දන්නෙ හොදම යාලුවෙක් විදියට.

"හෙලෝ"
"හෙලෝ, නවෝද්‍යා ඉන්නවද?"
"දුවනම් ගෙදර නෑ. කවුද මේ කතාකරන්නෙ?"
"මේ නවෝද්‍යගෙ අම්මද? මම මනෝජ්"
"ආ මනෝජ් පුතානෙ. මට ලගදිත් පුතාව මතක් උනා. පුතා හොදින් ඉන්නවා නේද? "
"ඔව් නැන්දෙ මම හොදින් ඉන්නවා. නවෝද්‍යා කොහෙද ගියෙ?"
"දුවට දවස් තුනකට කලින් පුතෙක් ලැබුනා. තාම ඉස්පිරිතාලෙ ඉන්නෙ."
"නවෝද්‍යා බැන්දද? මම දන්නෙත් නෑ."
"ඔව් පුතේ. අවුරුදු දෙකකට විතර කලින් බැන්දා. දූගෙ අප්පච්චිගෙ යාලුවෙක්ගෙ පුතෙක්ව. වෙඩිම චාමෙට ගත්තෙ. ළගම නෑදෑයො ටිකට විතරයි කිවුවෙ."
"එහෙමද. ඇයි නැන්දෙ නවෝද්‍යගෙ ටිකට් කැපුවෙ නැත්තෙ තාම?"
"අදයි පොඩ්ඩට නම දැම්මෙ. කොහෙද අපි කවුරුවත් තෝරපු නම්වලට දුව කැමති උනේ නෑනෙ. ඊටපස්සෙ දූ තෝරපු නම අරන් #හර්ෂ දෙනුවන් වීරසිංහ කියලා තමා දැම්මෙ."
....
තවදුරටත් ආගිය තොරතුරු කතාකරන්නට මට හයියක් නැති වූයේ ඒ වදන් ඇසූ පසුවය. අනතුරුව මා පසුව අමතන බව පවසා දුරකථනය විසන්දි කලෙමි.

නැන්දෙ, දුව මාත් එක්ක යාලුවෙලා හිටපු අවුරුදු තුනේම මට කතා කලෙත් මගේ දෙවෙනි නමින්. ඒ #හර්ෂ. එයා ඒකට කැමතියි කිවුවා මනෝජ් කියනවට වඩා.
ආදරේ මාර සුන්දරයි.
කවදාවත් එයාට මාව අමතක වෙන එකක් නෑ. ඒකයි මගේ නම පුතාට දුන්නෙ.
මටත් ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ.

මනෝජ් ගුණවර්ධන.
27-12-2017

No comments:

Post a Comment