Wednesday, August 2, 2017

පොරොන්දම


බෙර සක් මැදින් වෙස් නැටුමන් රග දැකලා....
මංගල බෙර හඩට පෝරුව වෙත නැගලා....
ආසිරි පතන ජයමංගල ගී අසලා....
නැකතට වෙලුව අතැගිලි වෙනතක වෙලිලා....

සිටියා තුන් මසක් කසාද ගෑණි ලග.
සයනෙදි හැර නොදැනුනි ඈ සිටින වග.
අඩ අඩ ඉල්ලුවත් ඈ ආදරේ සිග.
සිටී මෙමා දැන් වෙන යහනකට නැග.

පොරොන්දමේ රාහු කේතු පරාදයි.
ගැලපෙන සියල්ලම හොදටම ඇති පාටයි.
දරු සුරතල් තුනකට හසුවෙනු කියතෙයි.
එනමුත් පොරොන්දම සෙල්ලම් කල පාටයි.

නැකත් මොටද ජීවිත එක් කරනු බැරී....
දෑවැදි මොටද ආදරයක් මනිනු බැරී....
ආලෙ කිමද පොරොන්දමින් දකිනු බැරී....
ජීවිත මොටද කොලවලටම බාර දුනී...

මනෝජ් ගුණවර්ධන.
02-08-2017

No comments:

Post a Comment