Wednesday, August 9, 2017

S එකක් ගන්න

නංගියේ මල්ලියේ.
විභාගෙ අමාරුද?
මේ උපදෙස් පිළිපැද්දොත් ෆේල් නොවී S එකක් හරි ගන්න පුලුවන්. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
හැමදාම උදේට විභාගෙට යන්න කලින් දෙයියො බුදුන් වදින්න කියලා ගෙදර අය කියනවද?
කමක් නෑ. දෙවියන් බුදුන් වදින්න. ඒත් කිසිම ප්‍රාර්ථනාවක් කරන්න එපා. නරක වැඩකට පිටත් වෙද්දි දෙවියන් බුදුන්ගෙන් ආශීර්වාද ඉල්ලන එක හරි නෑ.

විභාගෙ පටන් ගන්න පැයකට පැය එකාමාරකට කලින් විභාග ශාලාවට එන්න. ඇවිත් ඔයාගෙ විභාග අංකෙ ගහපු ඩෙස් එක හොයාගන්න. එක ලග සබ්ජට් තියෙනවනම් ඒ ඩෙස් එක මාරු වෙන්නෙ නෑ. හැබැයි සමහරවිටක ඔයාගෙ ඩෙස් එක මාරු වෙන්නත් පුලුවන්.

#ඩෙස් එක කියන්නෙ ශෝට් නෝට්වලට සුපිරිම තැනක්. මොන පාට තීන්ත ගාලා තිබ්බත් මටනම් 5 වසරෙ ඉදන්ම ඩෙස් එක තමා පොඩි පොඩි විභාගවලදි පිහිට වුනේ.
හැබැයි A/L ලියන්න නම් ඩෙස් එකේ පිහිට විතරක් පතලා බෑ. අමාරු විභාගවලදි අවදානම් ගන්න වෙනවා. අපි උසස් පෙළ ලියද්දි පේපර් පවා මාරු කලා. පේපර් මාරු කරලා ඒක ආයිත් ගන්න බැරිවෙන්න වටේ ගිහින් හිර වුන තැනුත් නැතිව නෙමේ.

#හැමදාම ගෙනියන්න පොඩි කවකටු පෙට්ටියක්. එතකොට කාටවත් සැක නෑ. ඒකට දාගන්න පෑන් පැන්සල් මකන. නටරාජ් එකක් නම් ඔයාට ඕන දෙයක් ඒකෙ අඩියෙ කැටයම් කරගන්න පුලුවන්.

#ගවුමක් ඇන්දත් ශර්ට් එකක් ඇන්දත් අතේ වැලමිටට උඩින් ඇදුමට වැහුන හරියෙ පච්ච වගේ සෙල්ලිපි කොටන්න පුලුවන් කියලත් මතක තියාගන්න. ඕන උනාම ඇදුමෙ අත පොඩ්ඩක් උස්සලා සෙල්ලිපි කියෝන එක සිම්පල්.

#විභාගෙ තියෙන්නෙ ඔයාගෙ පන්තියෙද? එහෙනම් පන්තියෙ තියෙන චාට්, ප්‍රස්තාර වගේ දේවල් ගලෝලා හංගන්න කලින් ඒවා නියම තැන්වලට ස්ථානගත කරන්න පුලුවන්. එහෙම නැතත් මේක අවුලක් නෑ. හැබැයි එහෙම කරන්න පුලුවන් සමහර පන්ති කාමරවලට විතරයි. පන්තියෙ විදිය බලලා ඒවා ගලවන්න බැරි තැනකින් (බිත්තියෙ සෑහෙන උඩකින්, බාල්කවල, පැත්තක ගොඩ ගහපු ඩෙස් බංකු ගොඩක් අස්සෙන් හෝ යටින්) ඇලෙවුවනම් ගොඩේ ගොඩ.

#පන්තිය භාරව ඉන්නෙ මිස් කෙනෙක්ද? සර් කෙනෙක්ද? වයසක කෙනෙක්ද? තරුණ කෙනෙක්ද? ඕවද ප්‍රශ්න. කවුරු හිටියත් එයා උදේම ආපු ගමන්ම එයාට ගුට් මෝර්නින් කියලා බටර් පාර පටන් ගන්න. වැඩි කතාවට යන්න එපා. සමහරු හරිම ඇණයක් වෙනවා. පන්තියෙන් පොඩ්ඩක්වත් හෙල්ලෙන්නෙ නෑ. ඒ වෙලාවට සමහර කොපි කිරීමේ කලාවන් පාවිච්චි කරන්න බෑ. ඒත් කොපි කරන්න බැරි විදියට ඉන්න විභාග පරික්ෂකවරයෙක් මගේ විභාග ජීවිතේදි හම්බවෙලා නෑ. සාමාන්‍ය පෙළ කරද්දි මේක නෙමේ පුතා මේකට ඉරි ගහන්න කියලා මට කියලා දුන්න කෙනෙකුත් හිටියා. පස්සෙ බලද්දි ඒ කියලා දුන්න උත්තරේ හරි. උසස් පෙළ කරද්දි අපේ ඉංග්‍රීසී පේපර් එකට පන්තියෙ ගොඩක් අයට උදව් කල සර් කෙනෙක් හිටියා. අපි එයාට පෙනි පෙනි පේපර් මාරු කලා. ඒත් අවුලක් ගියෙ නෑ. හැබැයි ඒ ඉංග්‍රීසි පුතේ. අනිත් ඒවානම් එහෙම ලේසි නෑ. පන්තියෙ ඉන්න සර්ගෙ හෝ ටීටර්ගෙ හැසිරීම ගැන පොඩ්ඩක් බලන්න. එයා පන්තිය වටේ යන විදිය, ඇවිදින විදිය, වටපිට බලන විදිය එයාට නෝට් නොවී හොරෙන් බලාගන්න. ඊට පස්සෙ ඉතින් මොකට බය වෙන්නද. කොපිම තමා.

#පිරිමි ළමෙක් නම් වැඩිපුරම අත්දිග ශර්ට් එකක් අදින්න. අත් නමන්න නමලා අතේ වාටිය අස්සෙ ශෝට් නෝට් දාගන්න. ඒක සිම්පල් ප්ලෑන් එකක්. තත්පර 10ක් හොදටම ඇති නෝට් එකේ ඕන කරන කෑල්ලක් බලාගන්න. කවුරුහරි ආවොත් කොල කෑල්ල ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇතුලෙන් රිංග ගන්න. පොඩ්ඩක් ඉස්සරහට බර වෙලා ඉන්න. ආයිත් විභාගෙ ඉවරවෙලා සර්ලා ටීචර්ස්ලා ගියාට පස්සෙ නැගිටින නිසා අවුලක් නෑ. ඒක කාටවත් පේන්නෙ නෑ.

#ගෑණු ළමෙක්ද. සැලෙන්න එපා. සපත්තුවෙ මේස් දෙක තියෙන්නෙ ශෝට් නෝට් හංගන්න තමා. හැබැයි ඒක ගත්තට පස්සෙ මේස් එක ඇතුලට දාන්න ගියොත් නෝන්ඩි වෙනවා. නෝන්ඩි නැතුව තිබ්බ විදියටම නමලා දාගන්න පුලුවන් නම් දාගන්න. නැත්නම් වෙන තැනක තාවකාලිකව හංගගන්න.

#බිත්තියට හේත්තුවෙලා ඉන්න උන් නිධාන පහලවෙනවා. කැටපත් පවුරෙ කුරුටු ගී ලියන්න පුලුවන් නම් ඇයි අපිට බිත්තියෙ කටු සටහන් ටිකක්, සමීකරණයක් දෙකක් ලියාගන්න බැරි. හැබැයි කිසිම දෙයක් ලොකුවට පේන්න ලියන්න එපා. එයාලා බලන් ඉද්දිත් ලියන්න එපා. අහුවෙලා ඇහුවොත් කියන්න වෙන කවුරු හරි ලියපුවා කියලා. ඔයාගෙ අත් අකුරු කියලා නෝන්ඩිනම් විතරක් එයාලට කියන්න මේ පන්තිය ඔයාගෙ. ඔයා පන්තියෙ ඉද්දි මෙතනතමා හිටියෙ කියලා. ඒ වෙලේ ලියපු එකක් කියන්න.

#එක එක සබ්ජට්වලට දක්ෂ උන් ඉන්නවා. උන් තමා මුලින්ම පේපර් එක සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරන්නෙ. හැබැයි සමහර දාට උන්ට තමා වෙලාව මදිවෙන්නෙත්. සුපිරි වැඩ්ඩෙ හොයාගන්න එපා. උන්ගෙ උත්තර ශුවර් නෑ. සමහරු හරි උත්තරේ දෙන්නෙ නෑ. සමහරුන්ට වෙලා මදි නිසා කවදාවත් අපිත් එක්ක කතාකරන්න වෙලාවක් ඉතුරුවෙන්නෙ නෑ. හොයාගන්න ඒ ඒ විෂයට දක්ෂ එකෙක්ව. ඌට කියන්න ලියලා ඉවරවෙලා හරි ලියන ගමන් හරි උත්තර ටිකක් කියන්න කියලා. අනිවා උන් උදව් කරයි.හැබැයි ශුවර් එකෙක්ව තෝර ගනින්.

තව ක්‍රම තුනක් හතරක් තියෙනවා. ඒවා මතක් කර කර කොටන්න බෑ. දිග වැඩියි. දැනටම මේකත් ලිමිට් පැනලා. මේ කියපු ක්‍රමවලට අමතරව තවත් ක්‍රම තියෙනවනම් කෙමෙන්ට් එකක් විදියට කොටාගෙන යන්න. පව්නෙ අපේ අසරණ උන නංගිලා මල්ලිලා වෙනුවෙන් අපිවත් පිහිටක් වෙන්න ඕනෙනෙ.

මේ මොන ක්‍රමේ කියෙවුවත් වැඩක් නෑ. කොපි කරන්න හයියක් නැත්නම්. පන්තියෙ කොතන හිටියත් කොපි කරන්න පුලුවන්. බය නැතිකරගන්න. විභාග නම් මොනාද. අපිත් කලේ. හැබැයි පුතේ කොපි කරලා මාට්ටුවෙලා මනෝජ් අයියා කිවුවා කියලා බේරෙන්න නම් බෑ. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්.

මනෝජ් ගුණවර්ධන
09-08-2017

Wednesday, August 2, 2017

පොරොන්දම


බෙර සක් මැදින් වෙස් නැටුමන් රග දැකලා....
මංගල බෙර හඩට පෝරුව වෙත නැගලා....
ආසිරි පතන ජයමංගල ගී අසලා....
නැකතට වෙලුව අතැගිලි වෙනතක වෙලිලා....

සිටියා තුන් මසක් කසාද ගෑණි ලග.
සයනෙදි හැර නොදැනුනි ඈ සිටින වග.
අඩ අඩ ඉල්ලුවත් ඈ ආදරේ සිග.
සිටී මෙමා දැන් වෙන යහනකට නැග.

පොරොන්දමේ රාහු කේතු පරාදයි.
ගැලපෙන සියල්ලම හොදටම ඇති පාටයි.
දරු සුරතල් තුනකට හසුවෙනු කියතෙයි.
එනමුත් පොරොන්දම සෙල්ලම් කල පාටයි.

නැකත් මොටද ජීවිත එක් කරනු බැරී....
දෑවැදි මොටද ආදරයක් මනිනු බැරී....
ආලෙ කිමද පොරොන්දමින් දකිනු බැරී....
ජීවිත මොටද කොලවලටම බාර දුනී...

මනෝජ් ගුණවර්ධන.
02-08-2017