Wednesday, May 27, 2015

වැලන්ටයින්


සතුට පිරුන පුරසක්මන් අහස යට.
ඔබයි මමයි එක තුරුලේ ඉන්න විට.
අහස ගුගුරා කළුවර වැහි වැටෙන කොට.
අපට හොරෙන් අප රැවටුනි කදුලකට.

මන්දාරම් වැහි අහසේ ඔබ තෙමුනා.
ගංගාවන් දෝරෙ ගලා වැහි වැටුනා.
සිත්පාරන් තිබූ සෙනේ බැමි කැඩුනා.
නින්දාගම් යට කරමින් ඔබ ඇදුනා.

මතකය පුරා රජ කෙරුවේ ඔබයි ප්‍රියේ.
හිතේ දිරිය මට දුන්නේ ඔබයි ප්‍රියේ.
දිවි ගමනේ ආලෝකය ඔබයි ප්‍රියේ.
ඉන්නා තැනක සතුටින් ඔබ ඉන්න ප්‍රියේ.

මනෝජ් ගුණවර්ධන.
2015 වැලන්ටයින් දින.

චායාව


එදා මහා මූසල අදුරු දිනයකි. හවස් යාමය උදාවෙත්ම හතරවටින් කලුකර මහා වැස්සක පෙරනිමිති පහල විය. වැඩඇරී මා ගෙදර එනවිට ගෙදර පාලුවට ගොසිනි. මා ලග තිබූ යතුරින් දොර ඇර ගේ ඇතුලට ගොස් කාමරයට වැදුනෙමි. පුරුදු පරිදි බුකියේ පැය බාගයක් පමණ කරක් ගැසුවෙමි.
එවිට වෙලාව සවස 7ට පමණ ඇත. එකවරම සලාන් ගා ඇලුමිනියම් පියනක් බිම වැටෙන සද්දයක් මැද සාලෙ දෙසින් ඇසුනි. ශුවර් එකටම මීයෙක්ගෙ වැඩක් කියා සිතමින් මම සාලයට ඇදුනෙමි.
නැත. මීයෙකු නැත. ඒ මදිවාට කිසිම ඇලුමිනියම් කෑල්ලක්වත් නැත. ලයිට් දෙක තුනම දමා මා හොදින් වටපිට බැලුවෙමි. අල්ලපු කාමරයද පීරුවෙමි.  වෙන සද්දයක් ඇහෙන්නට ඇති කියලා හිතලා මම ආයිත් කාමරේට යන්නට හැරුනෙමි. එවර තවත් සද්දයකි. එය ඇසුනේ මගේ කාමරය දෙසිනි. තත්පර 3ක් යන්නට පෙර මා කාමරය මැද සිටගෙන වට පිට බැලුවෙමි. නැත. කිසිවක් නැත.
එවිටම වගේ මහා හඩින් අකුණු ගසමින් වැස්ස ඇදහැලෙන්නට විය. ඇදට නැගුනු මා නැවතත් බුකියේ සංචාරය කරන්නට පටන් ගතිමි.
එකවරම කාමරයේ fan එකතුලින් හඩක් නැගෙමින් එය ලාවට කැරකැවෙන්නට විය. Fan එකේ speed එක අඩු වැඩි කිරීමට කරකවන කෑල්ලක් ඇත. ඒ කෑල්ලේ පොඩි ශෝට් එකක් ඉස්සර ඉදන්ම තිබුනි.. ඒ නිසා fan එක නිකම්ම කරකැවෙන්න ඇති යනුවෙන් සිතමින් මා නැගිට ගොස් fan එක off කලෙමි.
නැවතත් මා ඇද උඩට ගොස් බුකීගතවුවෙමි. විනාඩි 2ක් 3ක් ගතවෙත්ම මහා අකුණක් සමග විදුලියද ඇනහිටිනි. ලයිට් නිමන් කාමරේ තනියම ඉන්න මට ලයිට් තිබ්බත් නැතත් වෙනසක් නැත. නැවතත් මා බුකීගතවිය. ලයික් දමමින් කමෙන්ට් කොටමින් තවත් විනාඩි 2ක් 3ක් ගතවෙන්නට ඇත.
කාමරය තුලින් සීතල හුලගක් ලාවට හමායන විට කකුලේ සිට බෙල්ල දක්වාම ශීට් එක පොරවා ගන්නට මට තවත් තත්පර 10ක් ගතවෙන්නට ඇත.නැවතත් අත් දෙක උඩට ගෙන ෆෝන් එක ඔබන්නට පටන් ගත්තා පමණි.
සිදුවූ සියල්ල ක්ෂණිකව සිදුවිය.
එක පිට එක විදුලිකෙටීම් දෙකකි. පරතරය තත්පරයක් හෝ තත්පර බාගයක් විය හැකිය. පළමු විදුලියෙන් මා දුටුවේ මා ඇද අසලින් කකුල් දෙක ඉදිරියෙන් එනම් මගේ මූණ හා ෆෝන් එක කෙලින්ම සිටිනා අදුරු චායාවකි. එය තනිකර චායාවක් පමණි. කිසිවෙකුගේ මූණක් හෝ අතක් පයක් පෙනෙන්නට නොවීය.
දෙවැන්න කොටනා විටම එම චායාව එතන නොවීය. එවිට එය තිබුනේ මා ඇද අසලින් මා අත පොවන දුරිනි.
මා සිහිසුන්වීමට පෙර මට මතක එපමණය.

මනෝජ් ගුණවර්ධන.
02-04-2015